පියා සරන සකලූන්

Wednesday, April 28, 2021

අතරමග


 කෝච්චිය මග හැරුණු  හවසක 

අ‌නෙක එනතුරු පැයක් විය තව

අසල වීදියක් දිගේ උඩහට

ඇවිද ගියෙමි, කාලේ ගෙවුමට ...


එක් මිනිසෙකු ගේ 

පිළිරුවක හෙවනක 

තවත් මිනිසෙක් ‌‌‌වේ ය හිගමනක...


සුපර් මාර්කට් දොරක් අබියස

ගැහැණියක් වෙයි 

වේළුණු පලා මිට "විස්සට''  විකුණන...


වංගුවක් හැරුණු විට,  හාදයෙක් විය 

සූරපු ලොතරැයි පිරුණු බක්කි

ලොරියට පටවන ....


උඩ සාක්කුව දෙසින් ‌මොරගෑ

දුරකථනය ,

- අප්පච්චි එනවිට

අලුත් පොතක් කියවන්නට

ගේන ලෙසින් පොඩි දූට -

පණිවිඩයක් සටහන් විය...


අදට ‌‌පොත පසකින් තියා 

කියන්නම් මම අලුත් කතාවක් 

වීීදියක් කියූ කතාවක් 

දුත් දත යුතුම කතාවක්... 


✍ සදුනි වනසිංහ

No comments:

Post a Comment

සිනමාවෙන් නිරූපිත සමකාලීන සමාජය - Bicycle Thieves චිත්‍රපටය ආශ්‍රයෙන් විමසීම

1949 ඔස්කා සම්මාන උළෙලෙහි හොඳම විදේශීය භාෂා චිත්‍රපටය සඳහා හිමි සම්මානය දිනාගත් "Bicycle Thieves", (බයිසිකල් හොරු) චිත්‍රපටය වර්තම...