පියා සරන සකලූන්

Sunday, April 18, 2021

ඔරලෝසුව

 

නින්දත් නොනින්දත් ,ඊයෙත් හෙට ත් අතර දෝලනය වෙච්ච තවත් එක රැයක අහම්බෙන්මයි ඇහුනේ තත්පර කටුවක දෝංකාරය . අපේ ගෙදර  තියන බට්ටෙක් වැනෙන ඔරලෝසුව පැයෙන් පැයට මොර දුන්නට බෝඩිමට  දා ඉදන් නම් ඔරලෝසුවක් ගැන නිනව්වක් තිබුනේ නෑමං හිතන්නේ ඕක මම මෙහෙ එන්න කලින් ඉදන් බෝඩිමේ තිබ්බ එකක් වෙන්න ඕනිබාගදා බෝඩිමේ අක්කා ඒක එහෙම බිත්තියේ එල්ලන්න ඇති.සමහරවිට කලණයා ගෙනත් එල්ලුවා  මන්දානිව්ස් රිපෝටින් සෙක්ශන් එකේ වැඩ කරණ ඌට මට වඩා කාලෙත් එක්ක ලොකු ගේමක් තිබ්බා.මටත් ඉතිං එහෙම නෑ කියන්නත් බෑ.නැගිටින්නෙත් එලාර්ම් එකට වෙච්චි කොට කොහොමද ඉතිං කාලෙත් එක්ක ගේමක් ගහන්නේ නෑ කියන්නේ.මාස දෙකකින් ගෙදර යන්න බැරි උනාමහදුරක් නෙවෙයි.කොටුවෙන් ට්රේන් එකට නැග්ගනම් අලව්වෙන් බැහැලා නාරම්මල  යන්න පැය තුනක් හොදටෝම ඇති .ඒත් ඉතිං මේමාස දෙකට එහෙම පැය තුනක් තිබිලත් නෑගිය සතියට කලින් සතියේ බදාදා අතිරේකේ  ලෙවෙල් ළමයින්ට කාල කළමනාකරණය ගැන මම ලිව්ව ආර්ටිකල් එකත් මතක් උනා.ලාවට හිනාවකුත් ආවා.ලියන කියන තියරි ඔක්කම මම මටම අදාල කරගන්නවනම් අද පත්තර රස්සාවෙත් නෑ.

"ඔයා ඉන්නේ ෆැන්ටසි ලෝකෙක ඔයා ලියන දේවල් මිනිස්සුන්ට කරන්න බෑ  . මිනිස්සුන්ට ඇත්ත ලෝකේ ඊට වඩා ප්රශ්න තියනවා බබා"

වැටකෙයියා හෙවණකට වෙලා මූදේ සද්දේ පරද්දලා ඇහෙන්න මුමුනපු තවත්  එක හවසක්.

මැනේජ්මන්ට් ෆැකල්ටි එකේ ඇඩ්වර්ටයිසින් ඇන්ඩ් මාර්කටින් ගැන ඩිග්රී එකක් කරණ මට ආර්ට් ෆැකල්ටි එකේ ඒයාගේ රියලිටිය ඇත්තටම අදාල වුණේ නෑ.

"ඔව් මම ෆැන්ටසියක හිටියත් මොකේක හිටියත් ඔයාට මොකදඔයාට ඒක අදාල නෑනේ  . ඔයා පාඩුවේ ඉන්න."

සුපුරුදු විදියටන එදාත් කෙළවර වුනේ එයා අඩාගෙන.

මගේ ඉවරයක් නැති කේන්තියයි එයාගේ ඇඩිල්ලයි ඉවසන්නම බැරි තැන මම ඒක නැවැත්තුවා . මම මාව නිර්දෝශී කරගන්න තිබුණ තිබුණ හැම වැරැද්දක්ම එයාගේ පිටට දාලා මගේ ලෝකෙම විනාශ කලෙත් එයා කිව්වා දවස්වල මට හිතුනේ එහෙමඅපරාදේ මගේ සතුටින් ඉන්න තිබුණ කාලය කියලා.මුකුත් නොකියා අහගෙනම හිටිය එක නම් පුදුමයි.නැත්නම් කොයිවෙලේත් කියවිල්ල  . අවසානෙට එයා මැසේජ් එකක දාල තිබුණා. "කාලය හැමදේම විසදයි.ඉතිං එබැවින් නවතිමිහදින් පිටමං නොකරමි " කියලා.මම ඩවුන්ලෝඩ් කරලා අහන්න දුන්න සිංදුවකින් මේකි මටම ගහනවා.මළ විකාර තරහක් එක්ක හිනහත් ගියා එදා නම්....

ඔළුවෙ කොහේදෝ කොණකින් පටන් ගත්ත කැක්කුමක් ඉස්මුදුනින් ඇවිත් නළලින් පහළට අනිනවා වගේ දැනුණා."අතීතය කියන්නේ ඉදලා හිටලා ගිහින් ආවට නවතින්න හොද තැනක් නෙවෙයිකලින් දවසක එෆ් බී එකේ කවුදෝ ශෙයා කටපු පෝස්ට් එකක් මාත් ඉබේටම වගේ ශෙයාර් කලේ ඇයි කියලා දැන්  දැනුනා.

දැන්  කොහි ඇත්දබ්ලැක් ලිස්ට් දාපු  නම්බර් එක ආයෙත් සර්ච් කරන්න හිතුණාඅවුරුදු දෙකකට පස්සේඉස්සර නම් නම ඉස්සරහින් පොඩි නිල් පාට හාර්ට් එකකුත් දාපූ  ආදරණීය ඇමතුම.බ්ලැක් ලිස්ට් එකෙන් අයින්කලා විතරයි නොනවත්වාම ෆෝන් එක දෙදරන්න ගත්තා.ගුඩ්මෝර්නින්,සොරි,බායි,බුදු සරණයි වගේ පොඩි පොඩි කෑලි අස්සේ හැමදාම මම කියවන්න අකමැති පතරංග හෑලිඅවසානම මැසේජ් එක ගිය අවුරුද්දේ සැප්තැම්බර් දැනට මාස අටකට කලින්,"

මට මගේ කාලය වටිනවාඔයාට ඔයාගේ කාලයත් වටිනවාඒත් අපිට් අපේ කියලත් කාලයක් තිබුණා නම්... මේ ගෙවුණු කාලය හුගක් වටිනවා වෙන්න තිබුණා.ළගම ඉන්න කෙනාට වටිනම දේ දෙන්න . ආදරය නෙවෙයි කාලයබායි ෆොරෙවර් . ගුඩ් නයිඩ්බුදු සරණයි."

පපුවේ ලබ් ඩබ් සද්දේ විතරක් නෙවෙයි ලෝකෙම මොහොතකට නතර වුණා වගේ දැනුණා.ආයෙත්  නම්බර් එක ඩයල් කරන්න හිතුණත් බොහොම අමාරුවෙන්  හිතුවිල්ල මැඩගෙන ෆෝන් එකත් ඇදේ කොණකට වීසි කළා.

සුදුපාට ගාපු සීට් ලෑල්ලක් පළුදු වෙලා එතතින් වතුර් බිංදුවක් රූටං ඇවිත් නෙට් එකට වැටෙනවා ,දිගෑරලා දාපු නෙට් එකේ වැදිලා ලොකු වතුර බිංදුව අංශු සයිස් පොඩි පින්නක් හදාගෙන නෙට් එක අස්සට රිංගනවා.වෙනදා නම් මේ පින්නට මම හෙන ආසයිඒත් අද කමිසයක් නැති පපුවට වැදුන පින්න රෝම කූප අස්සෙන් පපුවට ගිහින් පපුව මැද්දම සූරලා දියකරනවා වගේ.

කල්පනා ලෝකෙක හිටපු ටික වෙලාවට වැස්සකුත් වැහැලා කියලා දැනුනේ තවත් තඩි වතුර බිංදු දෙක තුනක්  සීට් පළුද්දෙන් එබුනටත් පස්සෙ.ආයෙත් අර කෙහෙම්මල් තත්පර කට්ටේ සද්දේ මෙච්චර දුරට හිතුවෙත් මේ මගුල හින්දාහිතට ආව ආවේගෙට සරමත් බඩ උඩින් බැදගෙන ඇදෙන් බැස්සේ ඔරලෝසුව පොලවේ ගහන්න තරම්කේන්තියෙන්.බිත්ති ඇනෙන් ගලවලා  අතට ගත්තම බැට්රි කෑලි දෙක ගලවලා  පැත්තකින් තියන්න තරම් හිත පොඩ්ඩඩක් සංසුන් උනා.ඇදට ඇවිත් ෆෝන් එකත් ඕෆ් කරලම දැම්මාකලණයා එන වෙලාවක ඇවිත් ඇහැරවන්නේ නැතැයි . අනික් හෙට ඉරිදා.ආයෙත් නෙට් එක හරිගස්සගෙන සීට් එක ත් පොරව ගත්තා.නෙට් එකේ වැදිලා එන පින්නයි ඇදේ උණුහුමයි එක්ක එන ෆීලින් එකත් එක්ක සැප නින්දක්...ලාවට ඇහැ පියවීගෙන එද්දිම පිරිත් සද්දේ.. බෝඩිමේ අක්කා නැගිට්ට ගමන් කරන්නේ රේඩියෝ එක දාන එක  කොහේද.අහවල් නාලිකාවේ ආටානාටියආටානාටිය යන්නේ මහපාන්දර !

සදුනි වනසිංහ .

No comments:

Post a Comment

තරු...

තරුපිරි රැයක ග්‍රීස්මයේ කෙලවරක අකලට වැසි වසින්නට විය මල් පිපෙන්නට විය දුර ගමනක අතරමැද, ඔබ  නිවහනට ගොඩ විය එය අහඹුවකි..... තිර රෙදි අලුත් කලෙ...