පියා සරන සකලූන්

Sunday, May 16, 2021

 

තිත්තම තිත්ත අඹයක්

පදමට ලුණුත් ඩිංගක්

කටගැස්මට මිරිස් වඩියක්

උඹ නම් , නෙල්ලි රහ කවියක්

 

සීතලම සීතල වතුරක්

හාදු දෙන ඉවුරක්

මගරකින පවුරක්

උඹ නම්  , ගලා යන වතුරක්

 

කළුම කළු අහසක්

පාට සව් කොලයක්

අටපට්ටම් හැඩයක්

උඹ නම් , නූල් නැති සරුංගලයක්.



 ✍ සදුනි වනසිංහ

No comments:

Post a Comment

සිනමාවෙන් නිරූපිත සමකාලීන සමාජය - Bicycle Thieves චිත්‍රපටය ආශ්‍රයෙන් විමසීම

1949 ඔස්කා සම්මාන උළෙලෙහි හොඳම විදේශීය භාෂා චිත්‍රපටය සඳහා හිමි සම්මානය දිනාගත් "Bicycle Thieves", (බයිසිකල් හොරු) චිත්‍රපටය වර්තම...