පියා සරන සකලූන්

Monday, March 14, 2022

තරු...



තරුපිරි රැයක

ග්‍රීස්මයේ කෙලවරක

අකලට වැසි වසින්නට විය

මල් පිපෙන්නට විය

දුර ගමනක

අතරමැද,

ඔබ 

නිවහනට ගොඩ විය

එය අහඹුවකි.....

තිර රෙදි අලුත් කලෙමි

පාට ගැල්වුයෙමි

වර්ණවත් කලෙමි

ඔබ ගෙනා 

තරු ස්ටිකර ඇලවුයෙමි

සය මසක ගිම් නිවා

නැවත

ඔබ යන බව සැලවිය.

ඉදින් පසු,

ඔබ සමග ආ

ආර්ටිම්ස් මෙන්ම කැක්ටස්ද

මා සමග නතර විය.

දෑස් හා පැටළුනු

සුදු සීලමේ වුන්නේ

ලුමිනස් තරුය.



2022.02.14

සදූනි වනසිංහ 





No comments:

Post a Comment

සිනමාවෙන් නිරූපිත සමකාලීන සමාජය - Bicycle Thieves චිත්‍රපටය ආශ්‍රයෙන් විමසීම

1949 ඔස්කා සම්මාන උළෙලෙහි හොඳම විදේශීය භාෂා චිත්‍රපටය සඳහා හිමි සම්මානය දිනාගත් "Bicycle Thieves", (බයිසිකල් හොරු) චිත්‍රපටය වර්තම...