අහම්බෙන්
ලදිමි
පාවෙනා
නුහුලක්
අල්ලා
බැදගතිමි
වෙර
දරා දෙපොටක්..
සර්ව
පිත්තල අහසක්
කපා
මට්ටම් කලෙමි වරුවක්
දිලිසුනා
විරූපී ම තරුවක්.....
හිනැහුනා
වැහිබර ව වලාවක්
කෝපි
රස හවසක්
ලුණු
දාපු රහසක්
මගහැරුණු
කවියක්
නුඹ
නම්,
ආලයට විරිතක් ....
✍සදුනි වනසිංහ
අනෙක එනතුරු පැයක් විය තව
අසල වීදියක් දිගේ උඩහට
ඇවිද ගියෙමි, කාලේ ගෙවුමට ...
එක් මිනිසෙකු ගේ
පිළිරුවක හෙවනක
තවත් මිනිසෙක් වේ ය හිගමනක...
සුපර් මාර්කට් දොරක් අබියස
ගැහැණියක් වෙයි
වේළුණු පලා මිට "විස්සට'' විකුණන...
වංගුවක් හැරුණු විට, හාදයෙක් විය
සූරපු ලොතරැයි පිරුණු බක්කි
ලොරියට පටවන ....
උඩ සාක්කුව දෙසින් මොරගෑ
දුරකථනය ,
- අප්පච්චි එනවිට
අලුත් පොතක් කියවන්නට
ගේන ලෙසින් පොඩි දූට -
පණිවිඩයක් සටහන් විය...
අදට පොත පසකින් තියා
කියන්නම් මම අලුත් කතාවක්
වීීදියක් කියූ කතාවක්
දුත් දත යුතුම කතාවක්...
✍ සදුනි වනසිංහ
1949 ඔස්කා සම්මාන උළෙලෙහි හොඳම විදේශීය භාෂා චිත්‍රපටය සඳහා හිමි සම්මානය දිනාගත් "Bicycle Thieves", (බයිසිකල් හොරු) චිත්‍රපටය වර්තම...