මම පොත් කියවීම ඇතුලේ අත්විදින ලස්සනම දෙයක් තමයි. ඒ ඇතුලේ මම මවාගන්න මනංකල්පිත ලෝකය. ඒවා හුගක් වෙලාවට ගොඩනැගෙන්නේ මගේ අත්දැකීම් , මම දැකලා තියන බලලා තියන පිංතූර, චිත්‍ර පට ඇතුලේ මම දකින දර්ශනත් එක්ක. හැබැයි එහෙම නොවන අවස්තාත් තියනවා. මගේ හිත ඇතුලේ තියනවා නිකන් ෆිල්ම් ෂූට් කරන ලොකේෂන් වගේ රෙජිස්ටර් උන ලොකේෂන් වගයකුත්. මේක මට නෝට් උනේ මේ මෑතකදී. සමහරක් පොත් කියවද්දින් මට දැනෙනවා ඒ පොතේ ඉන්න චරිත ඒ පරිසරය මට කොහෙදී හරි මීට කලින් හම්බවෙලා තියනවා වගේ දෙයක්. ඒ වෙනකොහෙවත් නෙවෙයි මම කලින් කියවපු පොතක මම මවාගත්ත පරිසරයම මේ කතා වලදිනුත් මගේ හිත විසින් මවාගෙන . ඉතිං දැන් ඔයාලට තේරෙනවා නේද පොත් කියවන එකත් ෆිල්ම් ඩිරෙක්ටින් වගේ. මම තීරණය කරන ඇදුම් ඇදගෙන මම ම හිතන කැමරා ඈන්ගල් වලින් බල බල මට කැමති ලොකේෂන් වල මම ඒ කතාව බලනවා. ඉති මේ බව පැහැදිලි කරන්න මගේ හිතේ ලගදිම ෂූට් උන පොත් දෙක තමයි. පවුලෝ කොයියෝගේ සන්‍තියාගේ සැරිසරන්නා සහ චරිත සහ චතුරි ලිව්ව foget me not පොත් දෙක. මට අනූව යුමි සං ගේ පුස්තකාලය තියෙන්නේ සන්තියාගෝ හිටිය කුඩා ගම්බද නගරයේය. යුමි සං ට හොරෙන් පැන යන ලූකා ගේ චරිතයට පණ පොවන්නේ සන්තියාගෝ නම් සැරිසරන්නාහි සන්තියාගෝ නම් කොළුවා ය. එනම් මම මවාගන්නා ලෝකය තුළ මේ කතන්දර දෙකම ගොඩනැගෙන්නේ එකම ගමකය. තවත් දුරකට මෙම කතා දෙකෙහිම එකම චරිතයක් එනම් ලූකා හරහා කතන්දර දෙක එකට සම්බන්ද වේ. යුමි සං හැර යන ලූකාගේ අනෙක් පස ජීවිතය දිග හැරෙන්නේ සන්තියාගෝ ලෙසින්‍ය. මෙවැනි ෆැන්ටසි රටවල් නගර ගෙවල් කීපයක්ම මගේ හිතේ හෝ කොහේ හෝ මම මවාගන්නා තැනක ඇති අතර ඊලග පොත ඒ කැමති තැනක සිට ඔවුන්ගේ කතාව මට කියයි. විටෙක අලුත් තැනක් අලුත් නගර අලුත් මිනිසුන් ද මට මුණගස්වයි.
ඉතිං මේ මට දැනෙන , මට හිතෙන හැටිය. පොත් කියවන ඔබත් මා වැනි ෆැන්ටසිකාමියෙක්නම් ඔබේ අදහසුත් මා සමග බෙදාගන්ම.